මොණරාගල, කුඹුක්කන ප්‍රදේශයේදී විකිණිමට සුදානම් කර තිබු නිල් මැණිකකින් නිර්මිත බුදු පිළිමයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ (04) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ එම නිල් මැණිකකින් නිර්මිත අගල් 02 ක් පමණ වු බුදු පිළිමයක් රුපියල් කෝටි 600 කට විකිණිමට සුදානම් කර තිබු බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 26,30 සහ 40 වන පසුවන රඹෑව, අනුරාධපුරය, පේරාදෙනිය යන ප්‍ර දේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් අද (05) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.
			
                                
                                
							











