ඉරානය සමඟ පවතින ගැටුම “යුද්ධයක්” ලෙස හැඳින්විය නොහැකි බවත්, එය ඉරානය සතු න්‍යෂ්ටික අවි ඉවත් කිරීම සහ එම රට නිකුත්හරණය (denuclearisation) කිරීමේ ඉලක්කය සහිත මෙහෙයුමක් බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
සිය ජනාධිපති ධුර කාලය තුළ තමන් යුද්ධ අටක් අවසන් කර ඇති බව නැවත අවධාරණය කළ ට්‍රම්ප් මහතා, මාධ්‍යවේදීන් හමුවේ වැඩිදුරටත් සඳහන් කළේ ඉරානයට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට ඉඩ නොතැබීම මෙම මෙහෙයුමේ අරමුණ බවයි. මෙය සියලු දෙනා විසින් අගය කළ යුතු පියවරක් බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
















