තෙල්දෙණියේදී සිරුර සොයාගත් භෞතචිකිත්සකවරියකගේ ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, ඔහුගේ බිරිඳ, කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ රියැදුරු සහ කුණ්ඩසාල පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ස්ථානාධිපතිවරයා ජූලි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය අද (26) නියෝග කළේය.
මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දුන් අතර, සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරේ.
















