27 April 2024
#දේශීය

පිළිකා, විකලාංග උපාංග ඇතුළු නව ඖෂධ කර්මාන්තශාලා තුනකට අවබෝධතා ගිවිසුම්

දේශීය ඖෂධ නිෂ්පාදනය ඉදිරි වසර පහ තුළ ඉහළම ඉලක්කය කරා ගෙනයාමේ වැඩපිළිවෙල යටතේ නව ඖෂධ කර්මාන්තශාලා තුනක් සඳහා වන අවබෝධතා ගිවිසුම අද (12) නාගරික සංවර්ධන අධිකාරියේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා නාගරික සංවර්ධන අධිකාරිය මගින් අත්සන් තබනු ලැබීය.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් උදය නානායක්කාර යන මහත්වරුන් විසින් මෙම ගිවිසුම අත්සන් කරනු ලැබීය.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල, ඖෂධ නිෂ්පාදනය ,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන , නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, ඖෂධ නිෂ්පාදනය ,සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *