ප්‍රංශයේ සිදු වූ බෝට්ටු අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නීති විරෝධී ලෙස එංගලන්තය වෙත ඇතුළු වීමට උත්සාහ කළ සංක්‍රමණිකයින් 82 දෙදෙනෙකු රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව තිබේ. මෙම අනතුරින් තවත් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර 14 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.














