පාපන්දු කුසලාන තරඟාවලියේ ‘I’ කාණ්ඩය යටතේ අද (27) පැවැති තීරණාත්මක තරඟයකින් නෝර්වේ කණ්ඩායම ගෝල 4-1ක් ලෙස පරාජය කරමින් දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ප්‍රංශ කණ්ඩායම සමත් විය.
ප්‍රංශය වෙනුවෙන් සුපිරි ක්‍රීඩාවක් දියත් කළ ඔස්මාන් ඩෙම්බෙලේ (Ousmane Dembélé) තරඟයේ 7 වන, 20 වන සහ 32 වන මිනිත්තු වලදී පිට පිටම ගෝල 3ක් (Hat-trick) වාර්තා කරමින් ප්‍රංශයට මුල සිටම පෙරමුණ ලබා දුන්නේය. අනතුරුව තරඟයේ අමතර කාලයේදී (90+4 මිනිත්තුවේදී) ඩෙසිරේ ඩූවේ (Désiré Doué) ප්‍රංශය වෙනුවෙන් සිව්වන ගෝලය ද වාර්තා කළේය. නෝර්වේ කණ්ඩායම වෙනුවෙන් තරඟයේ 21 වන මිනිත්තුවේදී තෙලෝ ආස්ගාඩ් (Thelo Aasgaard) එකම ගෝලය රැස් කිරීමට සමත් වුව ද එය ප්‍රංශයේ දැවැන්ත ජයග්‍රහණය වැළැක්වීමට ප්‍රමාණවත් නොවීය.
















