පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසයට සමගාමීව, කාන්තාවන්ගේ පියයුරු සෞඛ්යය පිළිබඳ දැනුවත් කිරීම සහ පියයුරු පිළිකාවට මුහුණ දෙන කාන්තාවන්ට සහාය වීමේ අරමුණින් ‘Party in Pink – Zumba Fitness’ වැඩසටහනක් සංවිධානය කර තිබේ.
ZWA Sri Lanka සංවිධානය හරහා ක්රියාත්මක කෙරෙන මෙම වැඩසටහනේ අරමුණ නර්තනය හා ව්යායාම තුළින් විනෝද වීම පමණක් නොව, වැදගත් සමාජ මෙහෙවරක් වෙනුවෙන් ජනතාව එක්රැස් කිරීමයි.
පියයුරු පිළිකා පිළිබඳ කාන්තාවන් දැනුවත් කිරීම, රෝගය කල්තියා හඳුනාගැනීමේ වැදගත්කම අවධාරණය කිරීම සහ පියයුරු සෞඛ්යය පිළිබඳ සැලකිලිමත් වීමට කාන්තාවන් දිරිමත් කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණු අතර වේ. එමෙන්ම පියයුරු පිළිකාවට මුහුණ දෙන කාන්තාවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සහාය ලබාදීමත්, අවශ්යතා ඇති පුද්ගලයන්ට උපකාර කිරීම සඳහා අරමුදල් රැස් කිරීමත් මෙහි අරමුණු වේ.
ශාරීරික යෝග්යතාව පවත්වා ගැනීමෙන් ඔබ්බට ගොස් සෞඛ්ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සහ සමාජයේ තවත් පුද්ගලයෙකුට උපකාර කිරීමේ වැදගත්කමද මෙම වැඩසටහන මඟින් අවධාරණය කෙරේ.
“Wear Pink. Dance with Purpose. Make a Difference!” යන තේමාව යටතේ රෝස පැහැයෙන් සැරසී Zumba Fitness සමඟ එක්වෙමින් පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ කාන්තාවන්ට සහාය වීම මෙහි අපේක්ෂාවයි.














