ජල ශාස්ත්රීය ක්ෂේත්රයේ සහයෝගීතාව සහ ධාරිතා වර්ධනය අරමුණු කරගනිමින් ප්රංශ දූත පිරිසක් අද (22) කොළඹ පිහිටි ශ්රී ලංකා ජාතික ජල ශාස්ත්රීය කාර්යාලයේ සංචාරයක නිරත වී තිබේ.
ශ්රී ලංකාවේ ප්රංශ තානාපති කාර්යාලයේ සමුද්රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳ උපදේශක ලුතිනන් කොමාන්ඩර් Florian Bouvenot, ලුතිනන් කොමාන්ඩර් Gabin Sogorb සහ ප්රංශ ජල ශාස්ත්රීය හා සාගර විද්යා සේවයේ උපායමාර්ග හා සංවර්ධන අංශයේ Berenice Lequesne මහත්මිය මෙම දූත පිරිසට අයත් වූහ.
මෙම සංචාරයේදී ප්රංශ දූත පිරිස, ජාතික ජල ශාස්ත්රීය සභාවේ සභාපති විශ්රාමික රියර් අද්මිරාල් එස්. ජයකොඩි, නාවික හමුදා ජල ශාස්ත්ර ප්රධානී රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන සහ ජාතික ජල ශාස්ත්රඥ විශ්රාමික රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සමඟ නිල හමුවක් පවත්වා තිබේ.
එහිදී ජල ශාස්ත්රීය ක්ෂේත්රයේ සහයෝගීතාව, ධාරිතා වර්ධනය සහ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම ඇතුළු දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.
මෙම සාකච්ඡාව සඳහා නාවික හමුදා ජල ශාස්ත්රීය සේවාවේ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටි අතර, සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකර තිබේ.













