මෙම මස අගදී සිදු කිරීමට නියමිත ඉන්ධන මිල සංශෝධනයේදී මිලෙහි විශාල වෙනසක් අපේක්ෂා කළ නොහැකි බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමරගේ මහතා පවසයි. අද (17) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, ඉන්ධන නිකුත් කිරීමේදී දැනට ක්‍රියාත්මක QR කේත ක්‍රමවේදය ඉදිරියටත් පවත්වාගෙන යන බවයි. යම් හෙයකින් නැවත යුධමය තත්ත්වයක් වැනි හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් ඇතිවීමෙන් මහජනතාව අපහසුතාවට පත්වීම වළක්වා ගැනීම මෙම තීරණයේ අරමුණ බව ඔහු පැවසීය.
මේ අතර, දැනට රට තුළ දින තිහකට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් ගබඩා කර ඇති බව ද කළමනාකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් තහවුරු කළේය.
















