27 April 2024
#දේශීය

මාතලේ ඉන්ධන ගැටලු

සෞඛ්‍ය සේවකයින් සදහා ඉන්ධන ලබා දිමට මාතලේ නගරයේ ඉන්ධන පිරවුම් හල් නම් කර තිබුණත් ඉන්ධන නොලැබිම නිසා සේවකයින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඔවහු කියයි.

දින දෙකක් තිස්සේ ඇතැම් සේවකයින් පෝලිම්වල රැදි සිටිම නිසා දැඩි පිඩාවට පත්ව ඇති බවත් මාතලේ මහ රෝහල ඇතුලු අනෙකුත් රෝහල්වල සේවකයින් ඉන්ධන පෝලිම්වල රැදි සිටිම නිසා රෝහල් වෙත පැමිණෙන රෝගින් ද අපහසුතාවයට පත්ව ඇති බවද සෞඛ්‍ය සේවකයො කියයි.

රජයේ නිසි වැඩපිළීවෙලක් නොමැති නිසා මෙම තත්වය උදාවි ඇති බවත් විධිමත් වැඩපිළීවෙලක් මගින් රෝහල් කාර්ය මණ්ඩල වෙත ඉන්ධන ලබා දිමට අවශ්‍ය කටයුතු සිදු කර දෙන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *