ඉරානයේ සිට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා (Fujairah) හි පිහිටි ඛනිජ තෙල් කර්මාන්ත පුරයක දැවැන්ත ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පුවත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මාධ්‍ය ඒකකය විසින් ද තහවුරු කර තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ සිට මිසයිල හතරක් ද එල්ල වී ඇති බවයි. කෙසේ වෙතත්, ඉන් බහුතරයක් සිය ගුවන් ආරක්ෂක පද්ධති මගින් අතරමගදී විනාශ කිරීමට සමත් වූ බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ නෞකා දෙකකට ප්‍රහාර එල්ල වූ බවට වාර්තා වී කෙටි වේලාවකට පසුව මෙම ගොඩබිම් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල වී ඇති අතර, මේ හේතුවෙන් මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම සහ ගෝලීය බලශක්ති සැපයුම පිළිබඳ අවදානම දැඩි ලෙස ඉහළ ගොස් ඇත. පිරිපහදුවේ හටගත් ගින්න පාලනය කිරීමට මේ වන විටත් සහන කණ්ඩායම් ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.













