කඩවත ශ්‍රී සුනේත්‍රාcontent_copyරාම මූල මහා විහාරය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති, මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකාය පාර්ශ්වයේ සියනෑ හිපිටිගම් දෙකෝරලයේ වංශාලංකාර සාසන ශෝභන සරභඥ්ඥ විශාරද කම්මවාගාචාර්ය විනයාචාර්ය මීවලදෙණියේ අමරවංශ නායක ස්වාමීන් වහන්සේ අපවත් වී වදාලහ. අපවත් වන විට උන්වහන්සේ 93 වැනි වියෙහි පසුවූහ.
ශාසනික සහ සමාජීය වශයෙන් විශාල මෙහෙවරක් ඉටුකළ මීවලදෙණියේ අමරවංශ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට, එනම් ජූනි 04 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 3.00 ට කඩවත නුවරපාරේ පිහිටි බෞද්ධ විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී පූර්ණ සංඝ ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව ඇත.
















