ගෝලීය ශ්‍රම වෙළෙඳපොළ වෙනස්වීම් හමුවේ මෙරට තරුණ පරපුරට නිවැරදි අධ්‍යාපන හා වෘත්තීය මඟපෙන්වීමක් ලබාදෙන “Future Minds 2026” ප්‍රදර්ශනය 21 වන වරටත් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
දේශීය මානව ප්‍රාග්ධන අර්බුදයට සහ බුද්ධි ගලනයට සාධනීය විකල්පයක් සපයන මෙම මහා පරිමාණ ප්‍රදර්ශනය, එළඹෙන ජූනි මස 12, 13 සහ 14 යන දිනවල කොළඹ BMICH පරිශ්‍රයේදී පැවැත්වේ. කොළඹින් බැහැර සිසුන් වෙනුවෙන් එය ජූනි මස 20 සහ 21 යන දිනවල මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හිදී පැවැත්වීමට නියමිතය.
දේශීය හා ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන රැසක සහභාගිත්වයෙන් සහ වෘත්තීය උපදේශන සේවාවන්ගෙන් සමන්විත මෙම වේදිකාව, තරුණ ප්‍රජාව අනාගත ලෝක ප්‍රවණතාවලට සහ තාක්ෂණයට ගැළපෙන පරිදි සන්නද්ධ කරන ජාතික මට්ටමේ උත්ප්‍රේරකයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















