ශ්‍රී ලංකා පුස්තකාල සංගමය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකාවේ 2025 විශිෂ්ටතම පුස්තකාල ව්‍යවහාරය තේරීමේ තරගාවලියේදී ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ගලගෙදර නව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ස්ථාපිත පාවෙන පුස්තකාලය සමත්ව තිබේ.
ශ්‍රී ලංකා පුස්තකාල සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරගාවලියේදී, පාසල් පුස්තකාල කාර්යය මණ්ඩලය සහ පාසල් ප්‍රජාව විසින් නව්‍ය ක්‍රමවේද හරහා දරුවන් කියවීම වෙත යොමු කිරීම වෙනුවෙන් මෙම සුවිශේෂී ඇගයීම හිමි වී ඇත.
මෙම පාවෙන පුස්තකාලය මඟින් සිසුන්ට වෙනස්ම අත්දැකීමක් ලබා දෙමින්, අධ්‍යාපනික හා කියවීමේ පහසුකම් පුළුල් කිරීමට කටයුතු කර තිබේ.














