අගෝස්තු 21 වන දින ගලන්තොඩේ පොලිස් වසමේ ටිංසිං ප්‍රදේශයේදී ගලන්තොඩේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදු කර බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස මැණික් ගැරූ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 19ත් 51ත් අතර වයස්වල පසුවන ගලන්තොඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ගලන්තොඩේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















