විවිධ අපරාධ සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අහුන්ගල්ල, මරදාන ප්‍රදේශයේ පදිංචි ‘ගාල්ලේ චතූ’ නැමැත්තාගේ නිවසට සහ එහි නවතා තිබූ මෝටර් රථයකට ඊයේ අලුයම ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් නිවසේ තාප්පයෙන් පැන මෙම ගිනි තැබීම සිදුකර ඇති බවයි.මෙම ගිනි තැබීම විදෙස්ගතව සිටින බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘කුඩු ලහිරු’ නමැත්තාගේ මෙහෙයවීමෙන් සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි. කලක පටන් මෙම පාර්ශව දෙක අතර ගැටුම් පැවති බවට තොරතුරු වාර්තා වන අතර, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
















