ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තලවකැලේ – ලිඳුල නගර සභාවට ප්‍රසාද ආසන මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉවත් කර තිබේ.
ඉකුත් ජූනි 17 වන දින නිකුත් කෙරුණු අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර ඇත.
අදාළ මන්ත්‍රීවරයා නගර සභාවේ සභාපති සහ උප සභාපති තේරීමේ කටයුතුවලදී පක්ෂයේ තීරණයට සහ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වා තිබුණි. එම විනය පරීක්ෂණයේදී මන්ත්‍රීවරයා වරදකරු වීම මත පක්ෂ සාමාජිකත්වයෙන් ඔහුව ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පියවර ගත්තේය.
පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමෙන් පසු, නීත්‍යානුකූල පියවර අනුගමනය කරමින් මෙම මන්ත්‍රී ධූරයෙන් ඉවත් කිරීම සිදුකර ඇත.
















