ගාල්ල නගරයට සහ අවට ප්‍රදේශවලට ඇද හැලෙන අධික මහවැසි හේතුවෙන් නගරයේ ප්‍රධාන වීදි සහ පහත් බිම් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබේ.
අඛණ්ඩව පවතින මෙම වර්ෂාපතනය නිසා ප්‍රදේශයේ දෛනික ජන ජීවිතයට මෙන්ම රථවාහන ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. වැසි තත්ත්වය තවදුරටත් පැවතියහොත් පහත් බිම්වල වාසය කරන ජනතාවට සහ රියැදුරන්ට දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙස ආපදා අංශ විසින් අනතුරු අඟවා ඇත.
















