ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශය සඳහා හෙට (10) දින පැය 14ක කාලයකට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ වක්වැල්ල ජල පවිත්‍රාගාරය ආශ්‍රිතව සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බවයි. ඒ අනුව හෙට උදෑසන 9.00 සිට රාත්‍රී 11.00 දක්වා වූ පැය 14ක කාලය තුළ ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
මෙම දීර්ඝ කාලීන ජල කප්පාදුව හේතුවෙන් සිදුවන අපහසුතාව වළක්වා ගැනීම සඳහා අදාළ ප්‍රදේශවල පාරිභෝගික ජනතාවට කලින්ම අවශ්‍ය ජලය රැස්කර තබාගන්නා ලෙස ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය කාරුණිකව ඉල්ලා සිටියි.
















