පිටත සිට ගාල්ල බන්ධනාගාරය තුළට විසිකිරීමට සූදානම් කර තිබූ දුම්කොළ 31ක්, ලයිටර් 49ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2180ක් සහිත පාර්සලයක් පෙරේදා (14) දහවල් පොලිස් භාරයට ගැනීමට හැකි විය.
පොලිස් විශේෂ කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්. ප්‍රියංකර මහතාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, නිලධාරි කණ්ඩායමක් සමඟ බන්ධනාගාර තාප්පය අසල කළ වැටලීමකදී මෙම පාර්සලය සොයා ගැනිණි. එම අවස්ථාවේ පාර්සලය තාප්පයට උඩින් බන්ධනාගාරය තුළට දැමීමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් නිලධාරීන් දැක, පාර්සලය එම ස්ථානයේ අතහැර දමා පලා ගොස් ඇත.
පලාගිය සැකකරුවන් හඳුනා ගැනීම සඳහා ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















