2026 වසරේ කොළොන්නාව පොසොන් කලාපය සඳහා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම නියෝජනය කරමින් ඉදිරිපත් වූ බැති ගී කණ්ඩායම වෙත සහතිකපත් ප්‍රදානය කිරීම පසුගියදා කොළොන්නාව ආයතනික අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා, විධායක අධ්‍යක්ෂ හේමන්ත කුමාර මහතා සහ කළමනාකාර (ආරක්ෂක) විශ්‍රාමික වින්ග් කමාන්ඩර් එච්.එම්.සී.බී. හේරත් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















