පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයට පානීය ජලය සපයන බස්නාගොඩ ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. මේ හේතුවෙන් අද (15) දින ජලාශයේ අමුණු දොරටු 3ක් විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
බස්නාගොඩ ජලාශයේ දොරටු මෙලෙස විවෘත කිරීමත් සමඟ අත්තනගල්ලු ඔයේ ජල මට්ටම ඉහළ යා හැකි බැවින්, ඔය දෙපස පදිංචි පහත්බිම් වැසියන්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අංශ දැනුම් දෙයි. ප්‍රදේශයට තවදුරටත් වැසි ලැබෙමින් පවතින බැවින් ගංවතුර අවදානම පිළිබඳව විමසිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.














