ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකමට අදාළ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචන සඳහා විධායක මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට නම්, පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිල සූත්‍ර ක්‍රියාත්මක කිරීම අනිවාර්ය බව එම අරමුදල අවධාරණය කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් මහත්මිය මේ බව ප්‍රකාශ කළේ අද (15) පැවති මාධ්‍ය හමුවකදීය.
විශේෂයෙන්ම රජය විසින් ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහනාධාරයක් ලබා දීමට ගෙන ඇති තීරණය පිළිබඳව අදහස් දක්වමින් ඇය කියා සිටියේ, අදාළ වැඩසටහන විධායක මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට පෙර සම්පූර්ණ කළ යුතු “පූර්ව ක්‍රියාමාර්ග” අතර පිරිවැය ආවරණය වන මිලකරණය ප්‍රධාන වන බවයි. එහිදී අවදානමට ලක්විය හැකි අඩු ආදායම්ලාභී පාර්ශ්ව ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ද ඇය පෙන්වා දුන්නාය.
ඉදිරි සති කිහිපය තුළ මෙම සමාලෝචනය IMF විධායක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එය අනුමත වීමෙන් පසුව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 700ක පමණ ණය වාරිකයක් නිදහස් වීමට නියමිතය. රජය විසින් ලබාදෙන ඉන්ධන සහනාධාර මෙම එකඟතාවන්ට බලපෑම් කළ හැකි බව මෙම ප්‍රකාශයෙන් වක්‍රව ඉඟි කෙරේ.
















