ගම්පහ, යක්කල පාරේ පිහිටි ‘අපේ නිවහන’ පක්ෂ කාර්යාලයේ පවතින තත්ත්වය වෙනස් කිරීම සහ එහි භුක්තිය තෙවන පාර්ශ්වයකට පැවරීම වළක්වාලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එරෙහිව වාරණ නියෝගයක් සහ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ගම්පහ අංක 3 දිසා විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් නීතිඥවරුන් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ, මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයකින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට භුක්තිය පවරා දී ඇති දේපළේ එම පක්ෂයේ සාමාජිකයන් බලහත්කාරයෙන් හා නීතිවිරෝධී ලෙස රැඳී සිටින බවත්, පක්ෂ කාර්යාලයේ තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ කරන බවත්ය. අදාළ නියෝගය පිළිබඳව විත්තිකාර පාර්ශ්වය දැනුවත් කිරීම සඳහා සිතාසි නිකුත් කරන ලෙස ද අධිකරණය නියෝග කර තිබෙනවා.
















