‘සංස්කෘතික පුරවැසියා සොයා යාම’ තේමා කොට ගනිමින් ගම්පහ මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන 2026 සාහිත්‍ය කලා මහෝත්සවය සැප්තැම්බර් මස 04, 05 සහ 06 යන තෙදින තුළ ගම්පහ නගර සභාවේ යක්කල උප කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
මෙවර සාහිත්‍ය උත්සවයේ සමාරම්භය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර, පාසල් 50ක පමණ සිසුන්ගේ සහභාගිත්වයෙන් ප්‍රදර්ශන කුටි සහ ප්‍රකාශන ආයතන 30ක සහභාගිත්වයෙන් පොත් ප්‍රදර්ශන කුටි පැවැත්වීමට නියමිතය. පොත් ප්‍රදර්ශන, වැඩමුළු, සංවාද, චිත්‍රපට ප්‍රදර්ශන මෙන්ම දෙවන දිනයේ 70 දශකයේ ජනප්‍රිය ගායන ශිල්පීන්ගේ ගීත ඇතුළත් සංගීත සන්ධ්‍යාවක්ද මෙහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
















