වසර 50ක ඉතිහාසයක් ඇති ජනාධිපති අරමුදල සැබවින්ම “ජනතාවට හිමි අරමුදලක් බවට පත්වූයේ පසුගිය වසරේ සිට පමණක්” බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසයි.
අනුරාධපුර උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී අඩු ආදායම් ලබන ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලේ අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවයට එක්වෙමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය. කොළඹට පමණක් සීමා වී තිබූ මෙම අරමුදල ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ජනතාවට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සේවාවක් බවට පත් කර ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.














