2026 ඔක්තෝබර් 12 වැනිදා උදෑසන ගම්පහ පොලිස් වසමේ උඩුගම්පොළ–දොලොස්පෙ මාර්ගයේදී යතුරුපැදියක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
වීදියවත්ත දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ගමන් කළ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ගම්පහ රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 52ක් වූ පදවලපොළ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














