වර්තමාන රජයේ දෙවසරක පාලන කාලය තුළ අත්කරගත් ජයග්‍රහණ සහ ඉදිරි දැක්ම ජනගත කිරීමේ අරමුණින් රට පුරා ක්‍රියාත්මක වන ‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ ජන රැලි මාලාවේ ගම්පහ දිස්ත්‍රික් රැලිය අද (27) පස්වරු 3.30ට ගම්පහ නගර සභා පිටියේදී අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. දේශපාලන හා ආර්ථික ප්‍රතිසංස්කරණ මධ්‍යයේ රජයේ ඉදිරි ගමන තහවුරු කිරීම සම්බන්ධයෙන් දැඩි ජනතා අවධානයක් යොමුව ඇති මොහොතක මෙම ජන රැලිය පැවැත්වීම විශේෂ වැදගත්කමක් උසුලයි.
මෙම මහජන රැලිය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයන් රැසක් සහ ප්‍රදේශයේ ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී වීමට නියමිත අතර, පසුගිය කාලය තුළ රජය විසින් ක්‍රියාත්මක කරන ලද ජනහිතකාමී වැඩපිළිවෙළවල් සහ ඉදිරි ආර්ථික ප්රතිපත්තීන් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරෙනු ඇත. වත්මන් පාලනය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින්, දේශපාලන ස්ථාවරත්වය සහ ජාතික සංවර්ධනය අරමුණු කරගත් වැදගත් ප්‍රතිපත්තිමය කිහිපයක්ද ජනාධිපතිවරයා විසින් මෙම රැස්වීමේදී සිදු කරනු ඇතැයි අපේක්ෂා කෙේ.
ඉදිරි කාලසීමාව තුළ රජයේ වැඩපිළිවෙළ ජනතාව අතරට ගෙන යාමේ ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස සැලකෙන මෙම ජන රැලි මාලාව හරහා දේශපාලන ක්ෂේත්රයේ නව පෙරළියක් අපේක්ෂා කරන අතර, ජනතා අපේක්ෂා ඉටු කිරීමේ මාවතේ රජය ගන්නා ඉදිරි පියවරයන් සඳහා මෙමඟින් පුළුල් ජනපදනමක් හිමි වනු ඇත. දේශීය දේශපාලන ප්රවාහයේ තීරණාත්මක බලපෑමක් ඇති කරනු ලබන මෙම ජන රැලිය, රජයේ ඉදිරි දේශපාලන ගමන් මගේ දිශානතිය තීරණය කරන ප්‍රධාන සාධකයක් බවට පත්වනු නිසැකය.
















