27 April 2024
#දේශීය

සිකුරාදා රට වැහුවේ නැතිනම් අපි සදුදා වහනවා -රවි කුමුදේශ්

“ශ්‍රී ලාංකේය කොවිඩ් ප්‍රභේධය” නිර්මාණය කරන තුරු බලා නොඉද, ආණ්ඩුව ලොක් ඩවුන් නොකරන්නේනම්, වෘත්තීය සමිති ඒකාබද්ද ලොක් ඩවුන් කිරීමක් සදහා සියළු වෘත්තීය සමිති සූදානම් බව රාජ්‍ය, අරධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවේදී ඔහු පවසා සිටියේ භාගෙට ප්‍රතිශක්තිය හදා ගත්තු මහ ජනතාව, අනවශ්‍ය නිරාවරණයකට ලක්ව ඇති බවයි.

එසේම සිකුරාදා වන විට රජය රට වැසීමක් සිදු නොකලහොත්, සදුදා සිට වෘත්තිය සමිති ලොක් ඩවුන් කිරීමකට සියල්ල සූදානම් බව ඔහු පවසා සිටියේය.

ඔහු වැඩිදුරටත් පවසා සිටින්නේ එම ලොක් ඩවුන් කිරීම විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් ලෙස සාර්ථක කර ගැනීමට අවශ්‍ය බවයි. ඒ අනුව දින 10ක විද්‍යාත්මක ලොක් ඩවුන් කිරීමක් සිදු කිරිමක් ද, අවම වශයෙන් එම කාළය තුල කොවිඩ් PCR, රැපිඩ් PCR, ක්ෂණික ප්‍රතිපාදන ජනක ඇතුළු කොවිඩ් පරීක්ෂණ ලක්ෂයක් සිදු කල යුතු වේ.

එසේම ආසාදිතයින් වෙන් කරන්න. සාමාන්‍ය රෝග ලක්ෂණ සදහා නිවසේ ප්‍රතිකාර සැලසුම් කළ යුතුය.එනේම රෝග ලක්ෂණ සහිත අතර මැදි ප්‍රතිකාර අවශ්‍ය අය සදහා ඇදන් ලක්ෂයක අතරමැදි මධ්‍යස්ථාන සූදානම් කල යුතු අතර අත්‍යවශ්‍ය ප්‍රතිකාර සදහා ඇදන් 10000ක් වෙන්කර තැබිය යුතුවේ. විද්‍යාත්මක ආවේක්ෂණයක් හරහා රෝගය නිවැරදිව පුරෝකථණය කිරීම සැලසුම් කල යුතු වන අතරම එම කාලය තුල සංචාරකයින් ගෙන්වීම වැලැක්විය යුතුය. සියළු විදේශ වල සිට පැමිණෙන ආගමනිකයින්ගේ ප්‍රභේද පිළිබද සැලකිලිමත් විය යුතු තර රට තුල හමුවන රෝගීන්ගේ ප්‍රමාණය අනූව කොළ, තැඹිලි, රතු කලාප හදුනා ගැනීම සහ කොළ- තැඹිලි කලාප ආරක්ෂා කරමින් වැඩි දියුණු කිරීම සහ 0. ලොක් ඩවුන් කාලය තුල ජන අවශ්‍යතා පිළිබදව රජයේ වගකීම ඉටු කරන්නයැයි රවී කුමුදේශ් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *