අත්තනගල්ල කරස්නාගල ජල පවිත්‍රාගාරයේ සිදුකෙරෙන නඩත්තු කටයුතු හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (16) උදෑසන 8.00 සිට හෙට (17) අලුයම 3.00 දක්වා පැය 19ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
මෙම ජල සැපයුම් බාධාව මිනුවන්ගොඩ, අස්ගිරිය, උඩුගම්පොළ, ඕපත සහ ඒ අවට ප්‍රදේශවලට මෙන්ම ගම්පහ නගර සභා සහ ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට බලපානු ඇත. එසේම වැලිවේරිය, බැලුම්මහර, රතුපස්වල සහ අවට ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් මහරගම, සිවුරලුමුල්ල, කිරිකිත්ත, කිනිගම, ඇටිකෙහෙල්ගල්ල සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට ද මෙම තාවකාලික ජල කප්පාදුව බලපානු ඇත. ඊට අමතරව රන්පොකුණගම නිවාස ව්‍යාපෘතිය, උරපොල, අත්තනගල්ල, බටලේය, වතුපිටිවල සහ ඒ ආසන්න ප්‍රදේශවලටත්, නිට්ටඹුව, වේයන්ගොඩ, කලගෙඩිහේන, තිහාරිය, නයිවල සහ ඒ අවට ප්‍රදේශවලටත් ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
අදාළ කාලසීමාව තුළ ජල පාරිභෝගිකයින් කල්තියා ප්‍රමාණවත් ජලය රැස් කරගෙන අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ඉල්ලා සිටී. නඩත්තු කටයුතු අවසන් වීමෙන් පසු ජල සැපයුම ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වනු ඇත.
















