ගණේමුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) රාත්‍රී සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පරකන්දෙනිය ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී දුම්වැටි 20,600ක් අඩංගු කාටුන් 103ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු රාගම, හොරපේ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














