මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින “කුඩු කුමාරි” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන නිලන්ති පෙරේරා නම් කාන්තාවට අයත් ගණේමුල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 4ක් වටිනා සුඛෝපභෝගී නිවසක් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් තහනමට ලක් කර තිබේ.
නීති විරෝධී ලෙස වත්කම් උපයාගැනීමේ චෝදනා යටතේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම දේපළ රාජසන්තක කිරීමට පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් වාර්තා වන වඩාත් කුතුහලය දනවන කරුණ වන්නේ, පොලිසිය විසින් නිල වශයෙන් මෙම නිවස තහනමට ලක් කර සීල් තැබීමට පෙර, නොදන්නා පිරිසක් විසින් නිවසේ සවිකර තිබූ දොර, ජනෙල් සහ උළුවහු පවා ගලවාගෙන ගොස් ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
















