කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජිනරතන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ජපන් භාෂා පාඨමාලාව සාර්ථකව අවසන් කළ සිසුන් වෙත විශ්වවිද්‍යාල ශිෂ්‍යත්ව හා අධ්‍යාපනික ආධාර ප්රදානය කිරීමේ උත්සවය පසුගියදා (04) ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන්ගේ උපදෙස් මත ජපානයේ ‘General Foundation Yoshioka Cultural Association’ ආයතනයේ මසාකි යوشියෝකා මහතා සමඟ ඇති කරගත් එකඟතාවකට අනුව ක්‍රියාත්මක මෙම නොමිලේ ජපන් භාෂා පුහුණු වැඩසටහනේ දෙවැනි කණ්ඩායම සඳහා මෙහිදී ජපාන විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශිෂ්‍යත්ව දෙකක් සහ තවත් සිසුන් 20 දෙනකු සඳහා රුපියල් 60,000 බැගින් වූ අධ්‍යාපනික ශිෂ්‍යත්ව 20ක් පිරිනමන ලදී. පාසල් අධ්‍යාපනයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වූ තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදී ඔවුන්ගේ අනාගතය සාර්ථක කර දීමේ අරමුණින් දිවංගත ආචාර්ය ගල්බොඩ සිරි ඥානිස්සර නාහිමියන්ගේ සංකල්පයක් මත 1978 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම ආයතනය හරහා මේ වන විට දහස් සංඛ්‍යාත පිරිසක් සිය ජීවිත සාර්ථක කර ගෙන තිබේ.















