ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවදිල්ලියේ ශ්‍රී රාම් වාණිජ විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක්වෙමින්, විපක්ෂය දැඩි ලෙස විවේචනය කරමින් ‘මානසික නක්සල්වාදීන්’ (Dimagi Naxals) යන යෙදුම යළි භාවිත කර තිබේ.
තරුණ පරපුර කේන්ද්‍ර කරගනිමින් පැවැති මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මීට පෙර රතු බලකොටුවේදී කළ කතාවකදී තමන් භාවිත කළ ‘මානසික නක්සල්වාදී’ යන යෙදුම හෝමියෝපති ඖෂධයකට සමාන කළ බවයි. එම යෙදුම භාවිත කිරීමෙන් පසු ඊට ප්‍රතිචාර දක්වන පුද්ගලයන් හරහා ඔවුන්ගේ සැබෑ ස්වරූපය ජනතාවට දැකගත හැකි වූ බවද ඔහු ප්‍රකාශ කළේය. “මානසික නක්සල්වාදීන් සඳහා වූ හෝමියෝපති පෙත්ත ලබා දුන් විට ඔවුන් එකිනෙකා පිටතට පැමිණීමට පටන් ගත්තා. දැන් ඔවුන් ප්‍රවර්ධනය කරන දේවල සැබෑ ස්වරූපය ජනතාවට දැකගත හැකියි,” යනුවෙන් මෝදි වැඩිදුරටත් පැවසීය.















