27 April 2024
#දේශීය

උසස් පෙළ විභාගය අගෝස්තුවේදී – විභාග කොමසාරිස්

සැලසුම් කළ පරිදි උසස් පෙළ විභාගය අගෝස්තු මස පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

විද්‍යුත් නාලිකාවක් සමග සමග සාකච්ඡාවකට එක් වෙමින් ඔහු අද  (11) මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ඒ තත්ත්වය මත සිට වැඩකටයුතු සිදු කරමින් පවතින බවයි.

එහිදී ළමයින්ට කිසිදු පාඩුවක් සිදු නොවන අයුරින් විභාග පැවැත් වීමට කටයුතු සංවිධානය කරන බවත් ඔහු  පැවසීය.

මෙම සිදුවීම මෙන්ම පසුගිය වසරේ පාස්කු ප්‍රහාරය තුළින් ද ළමුන්ට විශාල පාඩුවක් සිදුවු බව පැවසු සනත් පූජිත මහතා මේ සියලු දේ සලකා බලා කටයුතු කරන බවත් කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියේ උසස් පෙළ ළමුන් තරම් අසාධාරණයට ලක්වු පිරිසක් නොමැති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ දරුවන්ට පීඩනය අවම වෙන අයුරින් සියලු තීරණ ගන්නා බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *