• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදෙස් මුදල් තැන්පත් කරන්න විශේෂ තැන්පතු ගිණුමක්

11 April 2020
in ව්‍යාපාර

රට තුළ සහ රටින් බැහැර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයනට ස්වකීය විදේශ මුදල් ඉපැයීම්, ඉතිරි කිරීම් සහ ආයෝජන ශ්‍රී ලංකාවේ තමන් කැමති බැංකුවක තැන්පත් කිරීම සඳහා නව බැංකු ගිණුමක්  හඳුන්වා දී ඇත.

එය විශේෂ තැන්පතු ගිණුම ලෙස නම් කර තිබේ.

 මෙම  නව ගිණුම කාලීන හෙවත් ස්ථාවර තැන්පතු විශේෂයක් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රට තුළ සහ රටින් බැහැර වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම ද්විත්ව පුරවැසියන්ට, සෙසු රාජයන්හි වෙසෙන ශ්‍රී ලංකා සම්භවයක් සහිත පුද්ගලයන්ට, ශ්‍රී ලංකාවෙන් බැහැර අන්‍ය ජාතිකයන්ට ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාපිත හෝ ලියාපදිංචි අරමුදල්, ව්‍යාපාරික ආයතන සහ සම්ගම්වලට සහ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන අන් ඕනෑම කෙනකුට තමන් තෝරා ගන්නා බැංකුවක විශේෂ තැන්පතු ගිණුම් විවෘත කිරීමට පිළිවන. 

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යාංශය විසින් අප්‍රේල් 08 වැනිදා රජයේ අති විශේෂ ගැසට් පත්‍රයෙහි පළ කර ඇති නිවේදනයෙහි නව තැන්පතුවට අදාළ රෙගුලාසි ඇතුළත් කොට තිබේ. 

ශ්‍රී ලංකාවෙන් බැහැර විදේශ මුදල් තැන්පතු හෝ ආයෝජන පවත්වාගෙන යන සමස්ත ශ්‍රී ලාංකික ව්‍යාපාර ප්‍රජාවට, සමාගම් හිමිකරුවන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ සුබසිද්ධිය පතන සියලු දෙනාට සිය බැංකුවලට උපදෙස් දීමෙන් තමන් සතු අරමුදල් ශ්‍රී ලංකාවට ප්‍රදර්ශනය කළ හැකි බව එහි සඳහන් වෙයි.
 
නව ගිණුමෙහි තැන්පත් කළ හැකි මුදල් ප්‍රමාණයට අවම සීමාවක් නැත. 

තැන්පතුවක අවම කාලය මාස 06ක් වන අතර සාමාන්‍ය විදේශ මුදල් තැන්පතුවකට ගෙවන පොලියට වැඩි පොලී අනුපාතයක් තැන්පතුව කල්පිරීමේදී ගෙවනු ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව මාස 06ක විශේෂ තැන්පතු ගිණුමකට 1% ක සහ මාස 12 තැන්පතුවකට 2% ක වැඩිපුර පොලියක් හිමි වෙයි.

තැන්පතුව කල්පිරුණු විට එහි ඇති මුදල් බාධාවකින් තොරව වෙනත් මුදලකට පරිවර්තනය කිරීමටත්, ශ්‍රී ලංකාවෙන් බැහැර ගෙන යාමටත් අවසර ඇත. 

සියලු තැන්පතු බදුවලින් සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ.  

තැන්පතුවලට බැංකු රහස්යම විධිවිධාන යටතේ ආරක්ෂාව ඇත. ගිණුම් හිමියනට ලැබෙන වැඩිදුර ප්‍රතිලාභ සහ ඊට අදාළ නෛතික ප්‍රතිපාදන 2020 අය වැය ලේඛනයෙන් හඳුන්වා දෙනු ලැබේ. 

ඇමරිකානු ඩොලර්, යූරෝ, ස්ටර්ලින් පවුම්, ඕස්ට්‍රේලියානු ඩොලර්, සිංගප්පූරු ඩොලර්, ස්වීඩන් ක්රෝනනර්, ස්විට්සර්ලන්ත ෆ්රැනන්ක්, කැනඩා ඩොලර්, හොංකොං ඩොලර්, ජපාන යෙන්, ඩෙන්මාර්ක් ක්රෝැනර්, නෝවේජියානු ක්රෝරනර්, චීන රෙන්මින්බි සහ නවසීලන්ත ඩොලර් විශේෂ ගිණුමට භාරගන්නා මුදල් වර්ග වෙයි. 

විශේෂ තැන්පතු ගිණුම් පිළිබද වැඩිදුර විස්තර ජනාධිපති කාර්යාලයේ, මුදල් අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හෝ ශ්‍රී ලංකාවේ විදේශ දූත කාර්යාලවල වෙබ් අඩවි ඔස්සේ ලබා ගැනීමට හැකිය.

COVID 19 නිවාරණ සහ සමාජ සංරක්ෂණ ප්‍රවේශයට  පිටිවහලක් වනු පිණිස මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නැයි ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය ප්‍රාර්ථනා කරන සියලු ශ්‍රී ලාංකිකයනට ආරාධනා කර සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

Post Views: 5
Previous Post

ලංකාවේ කොරෝනා ආසාදනය වූවන් 198 යි – සුවය ලැබූූූූූවන් 54 යි

Next Post

උසස් පෙළ විභාගය අගෝස්තුවේදී – විභාග කොමසාරිස්

editor

editor

Next Post

උසස් පෙළ විභාගය අගෝස්තුවේදී - විභාග කොමසාරිස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved