• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

2017 දී මැණික් හා ස්වර්ණාභරන අපනයනය ඉහළට

12 August 2018
in ව්‍යාපාර

2016 වසර සමග සංසන්දනය කරන විට 2017 වසරේදී මැණික් හා ස්වර්ණාභරන අපනයනය සියයට 5.3 කින් ඉහළ ගොස් තිබෙන බවත්, එහි සමස්ත අගය ඩොලර් මිලියන 178 ක් හෙවත් රුපියල් මිලියන 28,400 ක් පමණ වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේදී චීනයේ මැණික් හා ස්වර්ණාභරන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛම පෙළේ ආයෝජන සමාගම් කිහිපයක දුත පිරිසක් හමු වී කරන ලද සාකච්ඡාවේදිය.

මෙම සාකච්ඡාවට චීනයේ සැන්මෙන්ෂියෝ ජින්කු සමූහයේ සභාපති ෂූ යුජින් සැන්මෙන්ෂියෝ ප‍්‍රාන්ත නගරයේ උප නගරාධිපති සුන් ජිවෙයි චීනයේ ජින්කු ගෝල්ඞ් සමාගමේ අධ්‍යක්ෂ ලියා වං මහත්ම මහතමීන් ඇතුළු 7 දෙනෙකුගෙන් යුත් චීන දුත පිරිසක් සහභාගී විය.

මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ චීනයේ සිට මෙහි ආයෝජනය සඳහා සාකච්ඡා කිරීමට පැමිණි, ඔබ සැම අප සාදරයෙන් පිළිගන්නවා. අප රටේ මැණික් කැපීම, රන් හා ස්වර්ණාභරන අංශයන් සඳහා ඉහළ තරඟකාරීත්වයක් පවතිනවා. ඒ වගේම අපගේ මැණික්් හා සවර්ණාභරන ඉහළ අගයකින් යුක්ත වෙනවා. ඔබ ලෝකයේ විශාලතම මැණික් හා ස්වර්ණාභරන හුවමාරුවේ සාමාජික ප‍්‍රමුඛම පෙළේ සමාගමක් ලෙස අප රට තුළ ජත්‍යන්තර මට්ටමේ මැණික් හා ස්වර්ණාභරන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට සූදානම් වීම අපට ශක්තියක් වෙනවා. ඒ වගේම අපේ රටේ බට්චා ජෙම්ස් සමාගම මේ හවුල් ආයෝජනයන් සඳහා දායකත්වය ලබා දීම අපේ මැණික් හා ස්වර්ණාභරන සඳහා ජාත්‍යන්තර ඉල්ලූම කිහිප ගුණයකින් වැඩි කිරීමට හේතු වෙනවා. ඒමෙන්ම අපේ මැණික් හා ස්වර්ණාභරන කැපීම් ක්ෂේත‍්‍රයේ සුවිශේෂී වර්ධනයක් ඇති වීමටත් හේතු වෙනවා. මේ නිසාම ඉතිරි වසර කිහිපය තුළ ශ‍්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරන අපනයන ක්ෂේත‍්‍රයේ කැපී පෙනෙන වර්ධනයක් ඇති වෙනවා.” යැයි පැවසීය.

මෙම සාකච්ඡාවට ශ‍්‍රී ලංකාවේ බට්චා මැණික් ව්‍යාපාරයේ අධ්‍යක්ෂ එම්.එන්.එම්. රම්සීන් මහතා ද සහභාගී විය.

Post Views: 19
Previous Post

රාජ්‍ය දුතයින් ලෙස ඔස්ටින්- දයාන් ඇතුළු 10 දෙනෙකු පත් කරයි

Next Post

ඩිලාන්ගේ හිනා කතාවලට මම උත්තර දෙන්නේ නෑ – ඇමැති දුමින්ද

editor

editor

Next Post

ඩිලාන්ගේ හිනා කතාවලට මම උත්තර දෙන්නේ නෑ - ඇමැති දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved