27 April 2024
#දේශීය

ඩිලාන්ගේ හිනා කතාවලට මම උත්තර දෙන්නේ නෑ – ඇමැති දුමින්ද

හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාගේ කතාවලට පිළිතුරු ලබා දීමට තමාට අවශ්‍ය නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ කියා සිටිය්ය “ ඩිලාන් පෙරේරා මැතිතුමා පහුගියදා කිව්වා මෑතකාලයේ බිහි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරුන්ට වෙනත් පක්ෂ වලට විතැන්වීමේ රෝගයක් වැලඳිලා තිබුණා කියලා මට නම් එහෙම රෝගයක් වැළඳිලා තිබුණේ නෑ, මම ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමන්ගේ කථා වලට උත්තර දෙන්න ලෑස්ති නෑ, ඒක විහිලුවක් කියලා හැමෝම දන්නවා.ඩිලාන් පෙරේරා මැතිතුමන් කියන බොහෝ දේවල් අද රටේ ජනතාව විශ්වාසයෙන් ගණන් ගන්නේ නෑ, බොහෝම හාස්‍යයෙන් ගණන් ගන්නේ.එතුමා කරන කථා හාස්‍යයට ලක් වෙන නිසා ඒ හාස්‍යයට ලක් වෙන කථාවට මම උත්තර දෙන්න ලෑස්ති නෑ,මට එතුමා එක්ක කිසිම තරහකුත් නෑ“ යැයි පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *