ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය වාහන කාර්මික පුහුණුවේ විශිෂ්ටතා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් Robert Bosch ආයතනය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබේ.
මෙම ගිවිසුම සඳහා Robert Bosch ආයතනය වෙනුවෙන් එහි කලාපීය සභාපති (කළමනාකාර අධ්‍යක්ෂ – ඉන්දියාව) සන්දීප් කමත් මහතා සහ ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් හෝ විදුහල්පති ඉංජිනේරු ආර්.ඒ.ඩී.එස්. ශාන්ත මහතා අත්සන් තැබූහ.
මෙම ගිවිසුම මගින් කාර්මික අංශයේ ක්ෂේත්‍ර රැසක් සංවර්ධනය කිරීමට අපේක්ෂිතය. නවීන කර්මාන්ත අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ශිෂ්‍ය කුසලතා වර්ධනය කිරීම මෙහි එක් අරමුණකි. උසස් දක්ෂතා මධ්‍යස්ථාන පිහිටුවීම සහ ගුරු පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද මීට ඇතුළත් වේ. එමෙන්ම Bosch Diesel Service (BDS) පහසුකම් ලබා දීම සහ කර්මාන්ත හා ආයතන අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම ද මෙමගින් අපේක්ෂා කෙරේ.
මීට අමතරව මූල්‍ය පාලන ප්‍රධානි ශාමින්ද ප්‍රසාද් සහ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු ඩබ්.එම්.එන්.පී. ගුණසේකර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.














