කිළිනොච්චිය, සෙල්වානගර් ප්‍රදේශයේ කාන්තාවක් සිය සැමියාගෙන් දික්කසාද වීමට නඩුවක් ගොනු කිරීම නිසා උරණ වූ සැමියා ඇයට අයත් වත්තේ පොල්ගස් 7 ක් කපා විනාශ කර ඇති බව වාර්තා වේ.
දික්කසාද වීමට එරෙහිව කිපුණු ස්වාමිපුරුෂයා ඉකුත් 2 දා මෙම පොල්ගස් කපා බිම හෙළා තිබේ. පොලිසිය ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ පවතින සුළං සහිත කාලගුණය නිසා පොල්ගස් නිවස මතට ඇද වැටේවි යන බියෙන් තමන් ඒවා කපා දැමූ බවයි.
දරුවන් තිදෙනෙකු සිටින මෙම බිරිඳ, සිය සැමියා බීමත්ව පැමිණ තමන්ට පහර දෙන බව පවසමින් දික්කසාද නඩුව ගොනු කර ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇය කිළිනොච්චිය පොලිසියට සිය 10 වැනි පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. මීට පෙරද ඔවුන් දෙදෙනාගේ පවුල් ආරවුල් සම්බන්ධයෙන් පැමිණිලි 09 ක් පොලිසිය විසින් විභාග කර ඇති බව සඳහන් වේ.














