ජර්මනියේ බ්‍රැන්ඩන්බර්ග් (Brandenburg) ප්‍රාන්තයේ, ටර්නෝ-ප්රයිලැක් (Turnow-Preilack) ප්‍රදේශයේ පිහිටි ජර්මනියේ 4 වන විශාලතම ගල්අඟුරු විදුලි බලාගාරය වන ජෙන්ෂ්වාල්ඩේ (Jänschwalde) බලාගාරයට අනුබද්ධ විදුලි උපපොළක තිබී දේශීයව නිපදවන ලද බෝම්බ සහ ගිනිගන්නා සුළු පුපුරන ද්‍රව්‍ය (Improvised Explosive Devices) කිහිපයක් සොයාගෙන තිබේ.
එම ස්ථානයේ තිබූ උපකරණ කිහිපයක් දැනටමත් පිපිරී ගොස් තිබූ අතර, ඉතිරි නොපිපිරුණු බෝම්බ අකර්මන්‍ය කිරීමට ජර්මානු බෝම්බ නිෂ්ක්‍රීය අංශ (Bomb disposal teams) වහාම කටයුතු කර ඇත. මෙම ප්‍රහාරයෙන් මිලියන සංඛ්‍යාත ජනතාවකට සපයන විදුලි බල පද්ධතිය මුළුමනින්ම අඩපණ කිරීමට උත්සාහ කර ඇති නමුත්, කුඩා ප්‍රමාණයේ විදුලි ඇනහිටීමකට හැර සමස්ත පද්ධතියට විශාල හානියක් සිදුකිරීමට පහරදුන් පිරිස අපොහොසත් වී තිබේ. ජර්මානු අභ්‍යන්තර ආරක්ෂක අංශ සහ පොලිසිය විසින් මෙම සිදුවීම පිටුපස රාජ්‍ය විරෝධී හෝ කඩාකප්පල්කාරී කණ්ඩායමක (Sabotage) සබඳතාවක් පවතින්නේද යන්න පිළිබඳව පූර්ණ ත්‍රස්ත විමර්ශනයක් ආරම්භ කර ඇත.
















