කොළඹ වරායේ බහාලුම් අංගනයක තිබී සොයාගත් කිලෝ ග්‍රෑම් 472ක් පමණ බරැති දැවැන්ත අයිස් මත්ද්‍රව්‍ය තොගය ඩුබායි වෙත පලාගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘පරෙවි සුදා’ නැමැත්තා විසින් එවා ඇතැයි පොලිසිය සැකපළ කරයි. මීට අමතරව අංගොඩ ප්‍රියන්ත සහ රූබන් යන අයද මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරේ.
විදෙස්ගත ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ රේගුව එක්ව පසුගිය 31 වැනි දින මෙම බහාලුම පරීක්ෂා කර ඇති අතර, එහි තුවා තුළ සඟවා තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. මොරොක්කෝව වෙත ප්‍රතිඅපනයනය කිරීමට සූදානම් කළ බවට පැවසුවද, මෙය රට තුළට ගෙන ඒමට සැලසුම් කර තිබූ බව පොලිසිය විශ්වාස කරයි.
මෙම ජාවාරම සම්බන්ධයෙන් දෙමටගොඩ පදිංචි 44 හැවිරිදි ආරුමුගන් ශෂිදරන් නැමැති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් ලද තොරතුරු මත ජම්පටාවීදියේ රැඳී සිටි පාකිස්තාන ජාතිකයන් දෙදෙනෙකුද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
















