27 April 2024
#විලාසිතා

ගිහාන් විජේවික්‍රම “අවසන් මෙහෙයුමේ “ කෙටි චිත්‍රපටයෙන් ප්‍රධාන චරිතයට

රංගනයට,නිවේදනය මෙන්ම නිරුපණ ක්ෂේත්‍රයේ දක්ෂ ශිල්පියෙකු වන ගිහාන් විජේවික්‍රම නව පරපුරේ දක්ෂයෙකි.

මහනුවර ශ්‍රි සුමංගල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා කලාවට තිබු දැඩි ඇල්ම නිසාම කක්ෂත්‍රය තෝරා ගන්නා ගිහාන් මේ වන විට වෙළදදැන්විම්,ගිතවලට රංගන දායක්වය සේම නිරුපණ ක්ෂේත්‍රයේ දායක වෙමින් මේ වන විට කටයුතු කරමින් සිටියි.

රොෂැන් ඩයස් මහත්මියගේ උපදේශකත්වය යටතේ නිරුපණය පිළිබදව හැදිරිම් කටයුතු කර ඇති ගිහාන් රූපවාහිනි සංස්ථාවේ මාධ්‍ය ඩිප්ලෝමාවද හදාරා තිබේ.

කෙටි චිත්‍රපටයක් වන ‘’අවසන් මෙහෙයුමේ “ප්‍රධාන චරිතයකට පණ පොවන ගිහාන් මේ වන විට විවිධ රුප රචනා කිහිපයකටම දායකත්වය ලබා දි තිබේ.
ගිහාන්ගේ කලා ජිවිතියට අපෙන් සුභ පැතුම්

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *