ගිනිගත්හේන බස් නැවතුම්පොළ ඉදිරිපිට නායයෑමට ලක්ව තිබූ පැති බැම්ම ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සහ පොදු වැසිකිළි පද්ධතිය ඇතුළු බස් නැවතුම්පොළ ආශ්‍රිතව මතුව ඇති ගැටලු සොයා බැලීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (01) විශේෂ නිරීක්ෂණ චාරිකාවක් පවත්වා තිබේ.
ගිනිගත්හේන නගරයේ සිදුකළ මෙම ක්ෂේත්‍ර පරීක්ෂාව සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය (RDA), නාගරික සංවර්ධන අධිකාරිය (UDA), අඹගමුව ප්‍රාදේශීය සභාව සහ ගිනිගත්හේන පොලීසිය නියෝජනය කරමින් උසස් නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ. නගරයට පැමිණෙන මගී ජනතාව සහ රියදුරන් මුහුණ දෙන පොදු ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම මෙම සංචාරයේ අරමුණ වී ඇත.














