27 April 2024
#දේශීය

අකුණු සැර වැදී දැරියක් මරුට

මහව, පන්වැව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සිටි දැරියකට අකුණු සැර වැදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම දැරිය ඊයේ (20) සවස් කාලයේදී සිය නිවස ඉදිරිපිට සිටි අතර මෙම අකුණු සැර වැදී තිබේ.

එහිදී බරපතල තත්ත්වයේ පසු වු එම දැරිය නාගොල්ලාගම රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇත.

මිය ගිය දැරිය වයස අවුරුදු 12 ක් වු පන්වැව, බලල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය නාගොල්ලාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *