27 April 2024
#දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශය යළිත් කොරෝනා රැල්ලකට අත වනයි – රවි කුමුදේශ්

නැවත වරක් කොරෝනා රෝගීන් වාර්තාවීම ඉහළ යාමේ අවදානමක් පවතින බවත්, එහි වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු මාර්ගෝපදේශ නිකුත් කරන සියලුම විශේෂඥයින් වග කිව යුතු යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ මේ වන විට අහඹු ලෙස කරනු ලබන පී.සී.ආර්. පරීක්ෂණ නතර කර ඇති බවත් ගුවන්තොටුපලේදී මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ නතර කිරීම මීට හේතුව බවයි.

පැය තුනක් ඇතුළත වාර්තා ලබාදිය හැකි පී.සී.ආර්. පරීක්ෂණාගාර දෙකක් තිබියදී රටට ඇතුළුවන ගුවන් මගීන් පරීක්ෂාව අතහැර ඇත්තේ දේශපාලඥයින්ගේ උවමනාව අනුව කටයුතු කරන සෞඛ්‍ය නිලධාරීන්ගේ අදහස් අනුව යැයිද ඔහු චෝදනා කරයි.

ඒ අතරම පරිත්‍යාග ලෙස ලැබී ඇති ජංගම පී.සී.ආර්. රසායනාගාර භාවිතා කරමින් පරීක්ෂණ පවත්වමින් යළිත් කොරෝනා රැල්ලක් ඇතිවීම ගැන කල් ඇතිව තීරණ ගැනීමට හැකියාව තිබියදී ඒ ගැන කිසිදු පියවරක් නොගන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උද්දච්චකම නිසා බවද ඔහු අවධාරණය කරයි.

වසංගතයට නැවත හිස එසවීමට අවස්ථාව ලබා නොදී රෝගය පාලනය කිරිම සදහා අවශ්‍ය පියවර ගත යුතු බවද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් වැඩිදුරටත් අවධාරණය කර සිටීයේය.

 

 

 

 

No testing at airport – no random PCR tests – The Health Ministry is encouraging another COVID wave

There is a risk of COVID-19 cases going up and if such an eventuality happens, health officials led by the Secretary to the Ministry of Health, who have reduced testing at the grassroots and stopped PCR testing at the airport, must take responsibility, College of Medical Laboratory Science (CMLS) President, Ravi Kumudesh said.

The airport has two labs that can give a PCR result within three hours. However, the Health Ministry is not using either labs to support their friends in the business community, he said.

The Ministry has also refused to use mobile PCR units to gauge the real situation in the country, Kumudesh said.

He added that immediate steps must be taken to stop another COVID wave.

Leave a comment

Your email address will not be published. Required fields are marked *