27 April 2024
#දේශීය

අනතුරකින් මාර්ගයේ ගමන් ගත් දැරියක් මරුට – රියදුරා අත්අඩංගුවට

කන්දකැටිය, ගලඋඩ මාර්ගයේ මුඩුගමුව ප්‍රදේශයේදී ඊයේ (31) පස්වරුවේ වෑන් රථයක් මාර්ගයේ හරහා ගමන් ගත් කුඩා දැරියකගේ ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබු දැරිය බරපතල තුවාල ලබා කන්දකැටිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳ හා මහියංගනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 03 ක දැරියක් වන අතර ඇය කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට වගකිවයුතු වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *