27 April 2024
#දේශීය

පක්ෂ 04 ක් අහෝසි කිරීමේ සුදානමක් – මැතිවරණ කොමසාරිස්

පිළිගත් දේශපාලන පක්ෂ විසින් 2019 වසර සඳහා විගණනයට අදාළ ගිණුම් වාර්තා ලබා දිය යුතු අතර එහිදී පක්ෂ 04 ක් එම වාර්තා නොදුන් බව මැතිවරණ කොමිසන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව මාධ්‍ය වෙත නිවේදනයක් නිකතු කරමින් සඳහන් කර සිටියේ අදාළ පක්ෂ 04 එම වාර්තා අප්‍රේල් 22 වන දිනට පෙර ලබා දීමට අපොහොසත් වුවහොත් එම පක්ෂ පිළිගැනීම අත්හිටුවන බවයි.

එසේම දැනට ලියාපදිංචි කර ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිල නාම ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කොට තිබේද යන්න එම පක්ෂවල ව්‍යාවස්ථාවලට ද එවැනි වගන්ති ඇතුලත් කර ඇති දැයි පරික්ෂා කොට බලා වාර්තා කිරීම පිණිස අතිරේක මැතිවරණ කොමසාරිස්වරුයෙකුගේ ප්‍රධානත්නයෙන් සහිත නිලධාරින් 05 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.

එසේම එම කාර්යයන් අධික්ෂණය කිරීම සඳහා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු, මැතිවරණ කොමසාරිස් ජනරාල් හා ලේකම්වරයා පත් කිරීම සිදු කර ඇති බව කොමිෂන් සභාව නිකුත් කල නිවේදනයේ සඳහන් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *