• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උඩගෙඩි දෙන අයට උපරිම දඩුවම් දෙන්න

4 July 2018
in ක්‍රීඩා

උතුරේ දෙමළ ජනතාවට මෙන්ම දකුණේ සිංහල ජනතාවටද නැවත වරක් යුද්ධයක් අවශ්‍ය නැති බවත් ජාතිවාදයට උඩගෙඩි ලබාදෙන විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයට විරුද්ධ ගත හැකි උපරිම නීතිමය පියවර ගත යුතු බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

විජයකලා‌ මහේෂ්වරන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.

ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද සදහන් කළේය.

“දැන් යුද්ධය අවසන් වෙලා තිබෙන අවස්ථාවක්. රටේ තියෙන්නේ සාමකාමී වාතාවරණයක්. ඒත් එල්.ටී.ටී.ඊ. සංවිධානය කියන්නේ තහනම් ත්‍රස්ත සංවිධානයක්. ත්‍රස්තවාදී සංවිධානයකට, බෙදුම්වාදයට උඩ ගෙඩි ලබාදීම දඩුවම් ලැබිය හැකි වරදක්. පාර්ලිමේන්තු‌ මන්ත්‍රීවරයෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරුම් දෙන අයෙක්ට බෙදුම්වාදයට කිසිදු ආකාරයකින් සහාය ලබාදෙන්න බැහැ. එය බරපතල වරදක්. මන්ත්‍රීවරයෙක් ඇමැතිවරයෙක් නෙමෙයි සාමාන්‍ය පුද්ගලයෙක් වුවත් බෙදුම්වාදයට හා ත්‍රස්තවාදයට සහාය ලබාදෙනවා නම් එයට විරුද්ධව ගත හැකි උපරිම නීතිමය පියවර ගත යුතුයි. ඔවුන්ට ලබාදිය යුතු උපරිම දඩුවම් ලබාදෙනවා.

විජයකලා මහේෂ්වරන් කරපු ප්‍රකාශය සම්බන්ධයෙන් ගත හැකි උපරිම නීතිමය පියවර ගත යුතුයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය යළිත් හිස ඔසවනු දැකීමට කිසිදු අයෙක්ට අවශ්‍යතාවයක් නෑ. මේ රටේ ඉන්න සිංහල ජනතාවට, දෙමළ ජනතාවට සහ මුස්ලිම් ජනතාවට ඒවැනි තත්වයක් ඇතිකරගැනීමේ කිසිම අවශ්‍යතාවයක් නෑ. උතුරේ සිටින දෙමළ ජනතාවට හෝ දකුණේ සිටින සිංහල ජනතාවට යළිත් යුද්ධයක් අවශ්‍ය වෙන්නේ නෑ. එහෙත් යුද්ධයක් අවශ්‍ය කණ්ඩායම් දෙකක් මේ රටේ ඉන්නවායුද්ධයක් ඇතිකරගෙන ඒ හරහා දේශපාලන වාසි ලබාගන්නා කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ තමයි උතුරේ සිටින දෙමළ අන්තවාදී ජාතිවාදී කණ්ඩායම. අනෙක් කණ්ඩායම තමයි දකුණේ සිටින අන්ත ජාතිවාදී කණ්ඩායම. මේ ජාතිවාදී කණ්ඩායම් දෙකටම යුද්ධය අවශ්‍යයි. අද විජයකලා‌‌ගේ ප්‍රකාශය දකුණේ ජාතිවාදයට පෝර දැම්මා. මේ ව‌ගේ ජාතිවාදයට උඩගෙඩි දෙන අයට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ ආකාරයට කටයුතු නොකළොත් අපිට රටක් ඉදිරියට ගෙනයාමට හැකියාවක් ලැබෙන්නේ නෑ. යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

Post Views: 9
Previous Post

පාරවල් හරියට නඩත්තු වෙන්නේ නෑ – ජිවිත බිල්ලට

Next Post

විජයකලාගේ අමාරුව වෙන එකක්

editor

editor

Next Post

විජයකලාගේ අමාරුව වෙන එකක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved