• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පිඩාවට පත් වුවන්ට කඩිනමින් සහන දෙන්න – ජනපති 

21 September 2018
in දේශීය

දිවයිනේ දිස්ති‍්‍රක්ක රැසකට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් මත මේ වන විට කඩිනම්ව කි‍්‍රයාවට නංවා තිබේ.

ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සාකච්ඡා කර මෙම සහන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 9000 ක මුදලක් වෙන් කිරීමට කටයුතු කර ඇත.

වියළි කාලගුණයෙන් මේ වන විට උතුරු මැද පළාතේ පුද්ගලයන් හාරලක්ෂ විසිදහසක් පමණ දැඩි පීඩාවට පත්ව සිටින අතර ඔවුන්ට අවශ්‍ය පානීය ජලය, වියළි ආහාර ඇතුළු සෙසු සහන සැලසිම සඳහා ති‍්‍රවිධ හමුදාවේ දායකත්වය ලබාගෙන තිබේ. 

අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි එම සහන කටයුතු වෙනුවෙන් මසකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 2000 කි. එම සමස්ත මුදල දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත නිදහස් කිරීමට මේ වන විට කටයුතු කර තිබේ.

දිවයින පුරා බලපා ඇති දැඩි වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරුණු අතර මහවිලච්චිය, දුණුමඩලාව, ඇලපත්ගම සහ ඔයාමඩුව ප‍්‍රදේශවල නියං සහනාධාර බෙදාදීම කි‍්‍රයාත්මක කෙරිණි.

සහනාධාර ලබාදීමේ වැඩසටහන හෙට සහ අනිද්දා දිනවලද කි‍්‍රයාත්මක ය. සමූපකාර හරහා සහනාධාර ලබාදීම සිදු කෙරෙන අතර වියළි ආහාර මල්ලක් සති දෙකින් දෙකට ලබාදීම සිදු කෙරෙයි.

එමෙන්ම දැඩි වියළි කාලගුණය හමුවේ ජනතාව මුහුණදී ඇති ගැටලු පිළිබඳ කඩිනම් අවධානය යොමුකර සහන සැලසීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ සියලු අංශ දැනුවත් කර තිබේ.

මේ අතර නියඟයෙන් පීඩාවට පත් ජනතාවට පහසුකම් සැලසීමට එක්වන්නැයි සියලු මාධ්‍ය ආයතනවලින් ද ජනාධිපතිතුමා ඉල්ලීමක් කරයි.

නියඟයෙන් පීඩාවට පත් ජනතාව පිළිබඳ තොරතුරු ලබාගැනීමේ දී හා සහනාධාර බෙදාහැරීමේදී අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන්ගේ සහය ලබාගත හැක.

Post Views: 10
Previous Post

ශ්‍රීලනිප ආසන සංවිධායක ධුරය 16 කට්ටියට අහිමි වෙයි 

Next Post

හිටපු ජනාධිපතිනියට සම්මානයත් 

editor

editor

Next Post

හිටපු ජනාධිපතිනියට සම්මානයත් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved